Thursday, September 15, 2011

PMC හා විදේශ විනිමය

උසස් අධ්‍යාපන අමාත්‍යාශයේම ලේඛන වලට අනුව වාර්ශිකව 300කට ආසන්න සිසුන් පිරිසක් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශ ගත වේ, එමගින් වාර්ශිකව පිටරටට ඇදීයන මුදල කෝටි 160කි, මෙය විශාල මුදලක් දැයි ඔබට පහත දත්ත දෙස බැලූ විට පැහැදිලි වනු ඇත. ඇත්තෙන්ම මෙවැනි බොලඳ තර්ක ඉදිරිපත් කිරීමට පෙර සැළැකිය යුතු කරුණු රැසක් තිබේ. යහපත් කළමණාකරණයක් තුලින් රට තුළ ඉතිරි කරගත හැකි මුදල් හා සසඳන විට මේ මුදල කෙතරම් කජ්ජක්දැයි නොසිතුනොත් පුදුමයකි. 

1) පසු ගිය දා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී වරුන්ට සුඛෝපභෝගී වාහන ගෙන්වීමට වෙන් කළැ මුදල රු කොටි 160කි(වසරක සල්ලී)

2) පසු ගිය දා සුඛෝපභෝගී හෙලිකොප්ටෙර් ගෙන්වීම සඳහා ද රජය මුදල් වෙන් කර තිබේ.
 
3) හෙජින් ගිවිසුම නිසා රටට අහිමි වූ මුදල රු කෝටි 1700කි (වසර 11ක පිටරට යන සල්ලී)
 
4) COPE වාර්තාවට අනුව රටේ වංචා දූෂන නිසා රටට අහිමි වී ඇති මුදල රු කෝටි 15000කි( වසර 94කදී පිටරටට යන මුදල් වලට සමාන වේ. )


මීට අමතරව පහසුවෙන් රට තුළ නිපදවා ගත හැකි ද්‍රව්‍ය මගින් වාර්ශිකව විදේශයන්ට මුදල්පහත පරිදි ඇදී යයි.


1) කිරි පිටි - රු කෝටි 1900
2) සීනි - රු කෝටි 2000
3) ටින් මාළු - රු කොටි 1500
(ඉහත දත්ත මහ බැංකු වාර්තා මගිනී)

එබැවින් ආදායම් උපයා ගැනීම සඳහා නූපන් පරපුරක අනාගතය අනතුරේ දමනවා වෙනුවට කළ හැකි දේ බොහෝතිබේ, ඒවාට සාපේක්ෂව අධ්‍යැඇපනය වෙනුවෙන් ඇදීයන මුදල කෙතරම් සොච්චමක්දැයි ඔබට පැහැදිලි ඇතුවට සැකයක් නැත. 
(අපි ආණ්ඩු පෙරළන්නට කුමන්ත්‍රණය නොකරමු, අපට අනාගත පරම්පරාවේ සුරක්ශිත භාවය අවශ්‍යය, මන්ද ශ්‍රීලංකාවේ බදුගෙවන ජනතාවගෙන් 98% කට සිදුවන අසාධාරණය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය/ තවත් යමක් තිබේ පිටරට ගොස් එන බොහෝ දෙනෙකුට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ  ACT16(ERPM) විභාගය සමත් විය නොහැකි බව දැන්විය යුතුය, ඉතින් අපි එවනි වෛද්‍යවරුන්ගේ දැනුම සහ පුහුණුව ගැන ප්‍රශ්ණ කළයුතු නොවේ ද? )

2 comments:

  1. දැන් 2013.
    මාස කීපයකට ඉස්සෙල්ලා මා සමග වැඩ කරන කෙනෙක් කිව්ව කතාවක් සටහන් කරන්නම්. සිද්ධියට සම්බන්ධ ඇයට නෑ වෙන කෙනෙක්. ඇය කියන පරිදි, ඒ නෑයෙක් වෙන ශිෂ්‍යාව ඉතා දක්ෂ කෙනෙක්, වෛද්‍ය පීඨයට සුදුසුකම් ඇතුව උසස්පෙළ සමත් වන බවට කිසිම සැකයක් තිබුණෙ නැහැලු. නමුත් ප්‍රතිපල එනකොට සුදුසුකම් තියෙන්නෙ දන්ත වෛද්‍ය පීඨයට හෝ පශු වෛද්‍ය පීඨයට විතරයි. ඊට පස්සෙ ඇයට ශිෂ්‍යත්වයක් ලැබෙනවා මාලඹේට...

    ReplyDelete
  2. 188bet - ThTopBet
    The 188bet pinnacle of betting with hundreds vua nhà cái of markets to bet on. Great odds, high limits, live betting. Live sports and many more!‎All · ‎Contact Us · ‎Sports カジノ シークレット

    ReplyDelete