Friday, October 28, 2011

වෙනුර එදිරිසිංහ සොහොයුරා



1989 වසරේදී කොල්ලුපිටියේදී පැහැරගෙන ගිය නුඹ අදවන තුරුත් අප අතරට පැමිණියේ නැහැ.



රාජකීය විද්‍යාලයේ දක්ෂතම ශිෂ්‍යයා හා උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේම පළමු වැනියා ලෙසිනුයි නුඹ වෛද්‍ය පීඨයට අතුලු වුණේ.



1984 වසරේ විදයාලයීය ත්‍යාග ප්‍රධානෝත්සවයේදී නුඹ,


  • ·        ඇල්ෆ්රඩ් ඇන්ඩීස් අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව සඳහා)

  • ·        පී. සී. ඩබ්ලිව්. පීරිස් අනුස්මරණ ත්‍යාගය (සත්ත්ව විද්‍යාව සඳහා)

  • ·        එෆ්. . වීරසූරිය අනුස්මරණ ත්‍යාගය (ජීව විද්‍යා අංශයේ හොඳම ශිෂ්‍යයා)

  • ·        තිස්ස වීක්‍රමසිංහ අනුස්මරණ ත්‍යාගය (උද්භිද විද්‍යාව හා සත්ත්ව විද්‍යාව සඳහා හොඳම ශිෂ්‍යයා)

  • ·        . පො. . (.පෙළ) විභාගයේ හොඳම ශිෂ්‍යයාට හිමි ත්‍යාගය

  • ·        එම්. ඥාණරත්නම් අනුස්මරණ ත්‍යාගය

යන සියල්ලම දිනාගත්තා.



එපමණක් නෙවෙයි, නුඹ හොඳ ක්‍රීඩකයෙක්, දක්ෂ කලාකරුවෙක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය ජය ලබද්දී නුඹ අප අතර සිටියේ නැහැ.



සමකාලීනයන් නුඹ ගැන කියද්දී, නුඹ හිතහොඳ නිරහංකාර කොල්ලෙක් බව කියනවා. එදා බාලේ (නිමල් බාලසූරිය) මරා දැමූ දවසේ මහා හඬින් හඬා වැටුණු හැටි ඔවුන් තවමත් සිහිපත් කරනවා.



බාලේ ගෙන් පස්සෙ නුඹ සමස්ථ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යයාවන්ගේම නායකත්වයට පත් වුණා. එතැන් සිට පැහැරගෙන ගොස් අතුරුදහන් කරන තෙක්ම නුඹ ශිෂ්‍ය ව්‍යාපාරයට නායකත්වය දුන්නා.



ඔව්.... අපේ උපාධියරැකදුන් නුඹට උපාධිය පමණක් නොවෙයි, ජීවිතයද අහිමි වුණා.



අපේ උත්තමාචාරය නුඹේ ඒ සාධු ගුණයටයි.....

                                                                                


සිසිර කීර්ති ජයවර්ධන සොහොයුරා





1984 වසරේදී කොළඹ ආනන්ද විද්‍යාලයෙන් විද්‍යාලයෙන් දිවයිනේ දෙවෙනි තැනට වැඩිම ලකුණු ලැබූ ශිෂ්‍යයා හැටියට වෛද්‍ය පීඨයට නුඹ ඇතුලුවුනා. පහේ ශිෂ්‍යත්වය සමත් වන තුරු නුඹ ඉගෙනුම ලැබුවේ පන්නිපිටිය ධර්මපාලයේ ය.

        සමකාලීනයන් නුඹව හඳුන්වන්නේ හෙමින් කතා කරන, හෙමින් ගමන් කරන, එහෙත් බොහෝ දුර ගිය නායකයා හැටියට.
                                                                                                
දේශපාලනය ගැන ඔබ සතු වූ හසළ දැනුම නුඹ බොහෝ දුර ගෙන යන්නට හේතු වන්නට ඇති.

ඔබ දක්ෂ කවියෙක්, ලේඛකයෙක්, ඒ හැකියාවෙන් හුදු ආත්මලාභය තකා පරිහරණය නොකළ නුඹ "වෙද සිසු හඬ" සංස්කාරක හැටියට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයට ජීවය ගෙන දුන්නා.

1989 දෙසැම්බර් 17 වන දින නිවසින් පිටවුණු නුඹ අද වන තුරුත් ආපසු පැමිණියේ නැහැ.

හෙට දවසේ අප ලබන වෛද්‍ය උපාධියේ නුඹේ සුවඳත් ‍රැඳී තිබෙන බව අපගේ විශ්වාසයයි.

එබැවින්, අප ඔබ නම අභියස මෙසේ සිරස නමමු!

සරත් කොල්ලුරේ සොහොයුරා




1989 නොවැම්බර් 03 වන දින මාතලේදී  නුඹව කෘර ලෙස මරා දමා තිබුනා. වෛද්‍ය පීඨයේ 85/86 අධ්‍යාපන වර්ෂයට නාලන්දයෙන් පැමිණි නුඹ චතුර කථිකයෙක්, දක්ෂ සංවිධායකයෙක් .



නුඹේ ගැඹුරු කට හඬ හා අනගිභවනීය තර්ක හමුවේ විරුද්ධවාදීන් අසරණ වුනා. ශිෂ්‍ය නිලවරනයෙදී 85% ක් ජන්ද ලබාගෙන වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වන්නට නුඹට හැකි වුනේ ඒ නිසයි. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයට නුඹේ පෞරුෂත්වය සැබෑ ශක්තියක් වුනා.



ත්‍රීමා මරා දැමු දිනයේ ආරක්ෂක ප්‍රධානීන් එක්ක හැප්පිලා දේහය පීඨයට රැගෙන විත් රටම සසල කල අවමගුල් උත්සවයක් පැවැත්වුනේ නුඹේ සංවිධායකත්වයෙන්.



වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සංවිධායක හැටියටත්, සරසවි වසා දැමීමෙන් පසු මාතලේ වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ සංවිධායකයා හැටියටත්, නුඹ කල සේවය අනුපමේයයි.



මේ නුඹ වැන්නවුන් අවශ්‍ය යුගයක්. නුඹ වැන්නවුන්ගේ  වටිනාකම වැඩියෙන් දැනෙනා යුගයක්.



එබැවින්,



ඔබට අපගේ උත්තමාචාරය !


කුමාර කුලතුංග සොහොයුරා




වෛද්යා වෘත්තීය ගරුත්වය බාහිර ඇඳුමෙන්, පැළඳුමෙන් පමණක් මැනිය නොහැකි බව අපේ කළු සුද්දන්ට ඒත්තු ගැන්වූ, දයාබර කුලේ...

නුඹේ සමකාලීනයන් අපටනුඹ හඳුන්වා දුන්නේ එලෙසින්.

ඉතාම දුෂ්කර තත්වයන් කවට කතාවෙන් නුඹ සැහැල්ලු කල අයුරු ඔවුන් තවමත් ගෞරවයෙන් සිහි කරනවා.

නුඹ සමකාලීනයන් අතර පතලව සිටියේ දහසක් දේ කරන,කටින් නොකියන නිහතමානී සහෝදරයා  හැටියටයි.

පුද්ගලික වෛද්ය  විද්යාහල අරගලයේදී, නුඹගේ දායකත්වය ඉතාම විශාල හා වටිනා එකක්...

නුඹ වැන්නවුන් දිවිපුදා සුරැකි වෛද්ය් උපාධියයි හෙට දිනෙක අප ලබන්නේ... අපේ හෙට දවස වෙනුවෙන්, ඊයේ ඔබේ ජීවිතය කැපකළ ඔබට උත්තමාචාරය!

ලීල් සමරනාත් සොහොයුරා







නුඹ වෛද්‍ය පීඨයට ඇතුළු වී නොබෝ දිනකින්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලය නිසා සරසවි වසා දැම්මා .

ඇතැමුන් අරගලය හමුවේ කර අරිද්දී, ලිස්සා යද්දී, නුඹ සැබෑ වගකීමකින් ඊට දායක වුනා . නුඹ වෙද සිසු කමිටුවේ පළමු වසර නියෝජිතයා ලෙසින් කටයුතු කලා.

නුඹ දිවි පිදුවේ අපගේ උපාධිය වෙනුවෙන්........

එසේ  වූ කල අපට ගුණමකුවන් විය නොහැක.

එබැවින්,

            ඔබට අපගේ උත්තමාචාරය!


නිශාන්ත එදිරිවික්‍රම සොහොයුරා




දිගු විරාමයකට පස්සේ සරසවි විවෘත වුනා. ඒ වන විට පෞද්ගලික වෛද්යේ විද්යාවල අරගලය උච්ඡතම අවස්ථාවකට පත් වෙලා තිබුණා.

අලුත් වසරට ඇතුල් වුන නුඹ කිසිදු පැකිලීමකින් තොරව සියලු දුෂ්කරතා හමුවේ අරගලයට බද්ධ වුනා.

ගැටළු හමුවේ ඉන්ද්රවඛීලයක්ව  සිටි නුඹ අප සිහිකරන්නේ  හද පිරි භක්තියෙන්...

සුගත් අශෝකා ද සිල්වා සොයුරා




නුඹ පීඨයට ඇතුලත් වුනේ 1986  ඔක්තෝම්බරයේ. වැඩි කලක් නොගොස්ම පෞද්ගලික වෛද්ය8 විද්යාෝල අරගලය ඇරඹුනා.

එම අරගලයෙන් ලබාගත් පන්නරය හමුවේ නුඹ ශක්තිමත් නායකයකු බවට පත් වුනා.

ඔව්...
ඉන්පසු සමකාලීනයන් නුඹව හැදින්වුයේ, “අපේ පුංචි සටන්කාමී සොහොයුරාලෙසින්.

එසේ වුවත්...

ඔබ අප වෙනුවෙන් කල මෙහෙය, පරිත්යා්ගය අපට අමතක කල නොහැකියි.

ඔබේ ඒ සාධු ගුණයට නමස්කාර වේවා...